මන්ත්‍රීවරුන් 20ක් මරා දැමූ මළසිරුරු තැන් තැන් වලින් හමුවෙයි..බිහිසුණු සිදුවීම මෙන්න..

Bangladesh Death World
By Aruna Aug 08, 2024 05:58 AM GMT
Aruna

Aruna

Report

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශ වලදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

විශාල පිරිසකට දෙන දීමනාවකට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ..එමගින් සිදු වූ දේ.

විශාල පිරිසකට දෙන දීමනාවකට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ..එමගින් සිදු වූ දේ.


අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවෙසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවෙසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය පෙරේදා (06) සොයා ගෙන ඇති බවත් එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවෙසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත්, එම නිවෙසේ තිබී පිළිස්සී ගිය මළ සිරුරු 6 ක් සොයාගෙන ඇති බවත්, විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මූලස්ථානයට ගිනි තබා ඇති බවයි.

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

ලස්සන සහෝදරියන් දෙන්නට සිදුවූ කිසිවෙක් නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)


රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භ වී ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ කළා.

අවසානයේ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරය ඉල්ලා සිටි පරිදි මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග බංග්ලාදේශයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ReeCha