බංග්ලාදේශයෙන් ලංකාවට සුබම සුබ ආරංචියක් මෙන්න - එකවරම ගත් විශේෂ තීරණය.

Dr Ramesh Pathirana Sri Lanka Ministry of Health Sri Lanka Bangladesh
By krishani Nov 02, 2023 02:42 PM GMT
krishani

krishani

Report

ඉදිරි සතියේ දී බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ලැබීමට නියමිතයි.

මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති හමුවක දී සඳහන් කළේ එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් ඇති බවයි.

ඒ අතර පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ද ඇත.

මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිතයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම පිළිබඳව බංග්ලාදේශ රජයට ස්තූතිය පළ කරන බවයි.

එමෙන්ම, මෙරට ඖෂධ හිඟයට පිළියමක් ලෙස දෙරට අතර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

ReeCha