කටුනායක ගුවන් තොටුපළෙහි ආරක්ෂාව තවදුරටත් තර කිරීමට තීරණය කරයි..
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අංශය කටයුතු කර තිබෙනවා.
ඒ, ඊයේ (08) පස්වරුවේ එහි ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් බවයි පැවසෙන්නේ. ගුවන්තොටුපළ සේවය සඳහා පිරිමි ආරක්ෂක නිළධාරින් 100 දෙනෙකු හා කාන්තා ආරක්ෂක නිළධාරිනියන් 50 දෙනෙකු බඳවාගැනීමට පසුගිය දිනවලදී සම්මුඛ පරීක්ෂණ සිදු කෙරුණා.
ඒ, විෂයබාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ. මෙහි දී සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත් පිරිස කපාහැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිස් පමණක් සේවයට බඳවා ගන්න ලෙසට අමාත්‍යවරයාට හිතවත් පිරිස් විසින් ගුවන්තොටුපළ නිළධාරින්ට බලපෑම් කළ බව සඳහන්.
රුපියල් ලක්ෂ 10-15 අතර මුදලකට රැකියා අවස්ථාවන් අලෙවි වන බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට විරෝධය පළකරමින් වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමර්ගයක නිරතවීමට තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
