පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Report

ආණ්ඩුව විසින් බදු සහන ලබා දෙන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Bakery Products Including Bread

බදු වැඩි කිරීම බේකරි කර්මාන්තයට දැඩි ලෙස බලපා ඇති බව එහි කැඳවුම්කරු එන්. කේ ජයවර්ධන මහතා පැවසීය.

කෙසේ වෙතත්, රජය විසින් නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.