බේකරි නිෂ්පාදන වල මිලත් ඉහල නොදැමීමේ තීරණයක්

sri lanka Bakery items
By Sithumi Jul 09, 2021 11:54 AM GMT
Sithumi

Sithumi

Report

තිරිගු පිටි මිල ඉහළ නොදැමීමට අදාළ සමාගම් එකඟතාව පළ කිරීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුනොවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එක් සමාගමක් විසින් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 18කින් ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණි.

පාරිභොගික අධිකාරියේ අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ දැමීමට ක්‍රියාකිරීම හේතුවෙන් එම සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සුදානම් කර තිබු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ සමාගමේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටි මිල වැඩි කිරීමක් සිදුනොකරන බවට එහි නියෝජිතයින් විසින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (09) දිනයේ දැනුම් දී තිබේ.

එමෙන්ම අනෙක් පිටි සමාගම විසින් ද මේ දක්වා පිටි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ReeCha