අනතුරු ඇඟවීම් ගැන දැඩි අවධානෙන් ඉන්න - යුධ ගිනි නිසා බහරේන් සහ කුවේට් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂ නිවේදනයක්
බහරේන් රාජ්‍යයේ සහ කුවේට් රාජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට එම තානාපති කාර්යාල කටයුතු කර ඇත.
ඒ අනුව බහරේනයේ සහ කුවේට් රාජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් එරට රජයන් මඟින් නිකුත් කරන ආරක්ෂිත උපදෙස් සහ අනතුරු ඇඟවීම් සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා ඇත.
එසේම ඔවුන්ට සුරක්ෂිතව සිටින ලෙසත් තානාපති කාර්යාල ඉල්ලීමක් කර ඇත.
හදිසි අවශ්‍යතාවයක් නම් වහාම අමතන්න - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් දැනුම්දෙයි
එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් තමන්ගේ ජංගම දුරකථන නිසි පරිදි සැමවිටම ආරෝපණය කර තබා ගන්නා ලෙසත් එම තානාපති කාර්යාල එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.
එසේම හදිසි අවස්ථාවක් වේ නම් තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වන මෙන් දෙරටේ පිහිටි තානාපති කාර්යාල එරටවල්වල වෙසෙන ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්
ඒ අනුව හදිසි අවස්ථාවකදි බහරේන් තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට,
දුරකථන සහ WhatsApp:33530290
ජී.එම්.ඩී. තරංගිකා මහත්මිය Attaché – (+973) 3597 0290/(+973) 3510 6301
ගෝතමී මහත්මිය, කම්කරු නිලධාරිනී – (+973) 3371 2875
කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වීමට,
සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
+965 65845646 (වට්ස්ඇප් පහසුකම් සහිත)
+965 66503544 (වට්ස්ඇප් පහසුකම් සහිත)
+965 25354611 (ස්ථාවර ඇමතුම් පමණි)
හදිසි අවස්ථාවන් හිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වීම සඳහා +94 71 980 2822 (වට්සප්) 1989