රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ව්‍යාපාර සඳහා මූල්‍ය සහන සැලසීමේ අරමුණින් ‘ආපදා සහන (RE-MSME - Disaster Relief)’ සහ ‘විස්තීර්ණ ආපදා සහන (EDR)’ යන ණය යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත සක්‍රිය කිරීම සඳහා රුපියල් මිලියන 8,061.4ක සහන ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
පෞද්ගලික අංශයේ සේවකයන්ට විශේෂ නිවේදනයක් - රාජ්‍ය අංශයට පමණක් ලැබුණු සහනයක් ඔක්තෝබර් 1 සිට පෞද්ගලික අංශයටත්
2025 සහ 2026 වර්ෂයන් සඳහා මෙම සහන වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 10,000ක් වේ.
ආපදාවෙන් පසුව ව්‍යාපාර කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශශ්‍ය ක්ෂණික මූල්‍ය ශක්තිය සැපයීමත්, රටේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමත් අරමුණු කරගනිමින්, 2026 වසරේ සිට මෙම ණය යෝජනා ක්‍රම දෙක එකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.
දෙවෙනි තට්ටුවට විතරක් නෙමෙයි කක්කුස්සියටත් මුල් ගල් තියන්න - හිරේ ඉදන් කෙලින්ම පාර්ලිමේන්තුවට ආ නාමල් යකා නටයි - පාර්ලිමේන්තුව මැදම ආණ්ඩුව පට්ට ගහපු නාමල්
ඒ අනුව සහභාගිත්ව මූල්‍යායතන 15ක දායකත්වය ඇතිව, දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායන් 3,968ක් සඳහා මේ වන විට රුපියල් මිලියන 8,061.4ක සහන ණය මුදල් ලබා දී ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රගති වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවධානයට ලක් විය.