බදුලු - බණ්ඩාරවෙල දිනපතා සිදුවන දරුණු මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු එළියට

Report

තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන තිප්පොලක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙලා යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුල මුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ ඇසුරුම් කල හෙරොයින් පැකට් දහසක්ද සමගිනි.

හාලිඇල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි විසි අට හැවිරි දි හා තිස් හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මේ ආකාරයෙන් මත්කුඩු බෙදා හරින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මහරගමම මත් වෙන්න අයිස් බෙදපු ලොකු කල්ලියක් වටලයි - හයක් අත්අඩංගුවට

මහරගමම මත් වෙන්න අයිස් බෙදපු ලොකු කල්ලියක් වටලයි - හයක් අත්අඩංගුවට

ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ වනවිටත් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සපයන බවය. ඔහු කොටුකර ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය උපායක් යොද තිබුණි.

ඒ අනුව ඉකුත් පොහොය දිනයදා සැකකරුට බණ්ඩාරවෙල දෝව රජමහා විහාරයට පැමිණෙන්නැයි සැකකාරියන්ගේ දුරකථනයක් ඔස්සේ සිදුකළ දැනුම් දීමක් මත සැකකරු සුදු ඇදුමින් සැරසී මත්කුඩුද රැගෙන එම විහාරස්ථානයට පැමිණ තිබූ අතර ඔහු සැකකාරියකට මත්ද්‍රව්‍ය ලබාදීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රබල ජාවාරම්කරුවෙක් වන "හොරි සුද්දා" අත්අඩංගුවට

ප්‍රබල ජාවාරම්කරුවෙක් වන "හොරි සුද්දා" අත්අඩංගුවට