තවත් නගර දෙකක් වැසේ...?

covid19 badulla bandrawela maradhagahamula B.K.Ranjith
By Sewvandhi Aug 16, 2021 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යළි නගරයේ වෙළදසැල් විවෘත වන්නේ මේ මස 23 වනදායි. මේ අතර, පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදුල්ල නගරයේ සියළුම වෙළදසැල් 18 වන දා සිට මේ මස 25 වන දා දක්වා වසා දැමීමට ද අද පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.

මීට පෙර 16 වනදා රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා සඳහන් කළේ කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සිය වෙළෙඳුන් එක්වී මෙම පියවර ගෙන ඇති බවය.

මීට අමතරව වේයන්ගොඩ, දිවුලපිටිය ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ද සිය ව්‍යාපාරික ස්ථාන අද දිනයේ සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

මේ අතර, 15 රාත්‍රියේ සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය පෙරේදා තීරණය කර තිබුණි. අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන තිබුණි.

මේ අතර මාතලේ පලාපත්වල නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණයවීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමීමට මීට පෙර තීරණය කර තිබුණි.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් වසාදැමීමට එම වෙළෙඳ සංගමය පසුගියදා පියවර ගත්තේය.

ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද ඉකුත් 13 වනදා සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now