බදුල්ල අනතුරෙන් බලන්න එන අයට නොමිලේ නවාතැන්
ගැරඬි ඇල්ල බස් අනතුරෙන් පසුව නැවත වතාවක් ඒ හා සමාන සෝචනීය සිදුවීමක් පිළිබඳව පසුගියදා අසන්නට සිදු විය.ඒ බදුල්ල දුන්හිද මාර්ගයේ සිදුවූ අනතුරකි.මේ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් ගිය අතර සෙසු පිරිස මෙවන විටත් රෝහල්වල ප්‍රතිකාරර ලබයි.
ඒ අනුව බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදි 21දින සවස සිදුවු බස් අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටින රෝගින් බැලීමට පැමිණෙන පවුල්වල සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ඇතුලු සේවාවන් සැපයිමට ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා කටයුතු කර තිබේ.
ඌව පළාත් සභාවට අයත් ප්‍රධාන අමාත්‍ය නිළ නිවස,හාලිඇල සම්පත් මධ්‍යස්ථානය සහ පැල්ගහතැන්න ඌව කළමනාකරණ පුහුණු ආයතනය රෝහල් ගතව සිටින රෝගින් බැලීමට අනුරාධපුර තඹුත්තේගම සිට එන පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෙන් කර තිබේ. බසය පෙරළියෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර තුවාල ලැබු 33දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
