වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)

Anura Kumara Dissanayaka President of Sri lanka Landslide In Sri Lanka Weather Latest Headlines
By krishani Oct 12, 2024 12:53 PM GMT
krishani

krishani

Report

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරු වී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දෙන ලදී.

බිමට සමතලාම වෙයි.. වසර 19කට පස්සේ අරලියගහ මන්දිරය ගැන ඇහෙන.. වුණ දෙය මෙන්න.. මාලිමා ආණ්ඩුවේ වැඩක්?.(VIDEO)

බිමට සමතලාම වෙයි.. වසර 19කට පස්සේ අරලියගහ මන්දිරය ගැන ඇහෙන.. වුණ දෙය මෙන්න.. මාලිමා ආණ්ඩුවේ වැඩක්?.(VIDEO)


හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබා ගත හැකි බවත් පැවසීය.

එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස ද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

දිනෙන් දින මහ මැතිවරණයේ උණුසුම මැද, ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)

දිනෙන් දින මහ මැතිවරණයේ උණුසුම මැද, ඩොලරයට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. අද වුණ දෙය මෙන්න..(PHOTO)


පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018 ක පුද්ගලයන් 24,492 ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200 ක් මේ වන විට ආරක්ෂිතව රඳවාගෙන තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරින්ගේ සම්බන්ධීකරණයෙන් මේ වන විට සහන සේවා කටයුතු ආරම්භ කර තිබේ.

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)

අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)


හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකිය. 

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery