ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ බේබි සහ ටිල්වින් සිල්වා අතර හමුවක්
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනය මත ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කේරළ ප්‍රාන්ත මහ ඇමැති පින්නරායි විජයන් මහතා අතර හමුවක් කේරළයේ තිරුවානන්තපුරම් නගරයේදී ඊයේ(11) සිදු විය.
මෙම හමුවට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි (M.A. Baby) මහතා සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද සහභාගී වූ අතර, එහිදී ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කේරළයේ ගෙන ඇති වැඩසටහන්, සාක්ෂරතාව 100% බවට පත්කිරීම, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම වැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන පිරිසද සහභගි වී සිටියා.

