සියලුම ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

Ranil Wickremesinghe Government Employee Sri Lanka Cabinet Government Of Sri Lanka Ashoka Priyantha
By Aruna Jun 13, 2024 02:00 PM GMT
Aruna

Aruna

Report

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

සියලුම ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් ගත් විශේෂ තීරණය මෙන්න.. | Gramaniladari Spacial Notice

මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනපති ගෙන් හදිසි දැනුම්දීමක්..සියලුම පලාත් වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..

ජනපති ගෙන් හදිසි දැනුම්දීමක්..සියලුම පලාත් වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ වන විට රජය විසින් උරුමය සහ අස්වැසුම ඇතුළු වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නඟා තිබෙනවා.

ඒ වගේම පසුගිය සමයේ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විමධ්‍යගත ප්‍රතිපාදන හරහා ගමේ, නගරයේ යළි සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා සහය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව මෙහිදී සඳහන් කළ යුතුයි.

ජනතාවගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට හැකි වී ඇති මේ අවස්ථාවේ දී අප හැමෝම අපගේ රාජකාරිය ඉටුකළ යුතුයි.

අප මෙම අමාත්‍යාංශ බාර ගන්නා විට රටේ ගැටලු රැසක් ඇති වී තිබුණා.

නමුත් මේ වන විට අප ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදුකළ නොහැකි අවස්ථාවක වුවද ග්‍රාමසේවා වසම් 1942 ක් සඳහා නව නිලධාරීන් පත් කිරීමට ද කටයුතු කළා.

සියලුම ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් ගත් විශේෂ තීරණය මෙන්න.. | Gramaniladari Spacial Notice

මේ වන විට ඔවුන් සඳහා වන පුහුණු වීම් කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා.

ඒ සඳහා ඉදිරිපත් කළ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය නම් සංශෝධන ඇති කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙනවා.

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..


ග්‍රමසේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පැවති සමයේ ආපදා තත්ත්වයක් ඇති වුණා.

නමුත් දිවයිනේ බහුතර ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම අවස්ථාවේ ඉදිරිපත් වී තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම සම්න්ධයෙන් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

එමෙන්ම දිවයින් පුරා ග්‍රාමීය ආහාර සුරක්ෂිතා කමිටු සහ පෝෂණ කමිටු නිර්මාණය කර ඒ හරහා සුරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%