පාස්පෝට් පෝලිමේ දී උපන් සිඟිත්තිය මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Jul 08, 2022 03:15 AM GMT
krishani

krishani

Report

ඊයේ(07) දින බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි ගර්භණී මවක් පාස්පෝට් පෝලිමේ දී දරුවෙකු ප්‍රසුත කළ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වී තිබුණේ ය.

එම අවස්ථාවේ අදාළ ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි යුධ හමුදා නිලධාරීන් ඇයව බොරැල්ල කාසල් වීදියේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණු අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එම දරුවා බොරැල්ල කාසල් වීදියේ රෝහලේ දී ජීවිතක්ෂයට පත් වී ඇති බවට පැතිරෙන තොරතුරු අසත්‍ය බවත් එම දරුවා මේ වන විට රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha