ලොවක් කැළඹූ පුතාගේ පිත්තෙන් ගෙන ආ ඓතිහාසික ජයග්‍රහණය කඳුළු සලමින් සැමරූ පියා (VIDEO / PHOTOS)

INDIA T20 PAKISTAN WORLD CUP BABAR AZAM
By Sewvandhi Oct 25, 2021 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු පාකිස්ථාන ගැටුම් හමාර වූයේ පාකිස්ථානයට වාර්තා ගත ජයග්‍රහණයක් අත්පත්කර දෙමින්. පසමිතුරන් වන මේ දෙරට අතරේ ක්‍රිකට් ගැටුමට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවදානය යොමුව තිබුණා.

ජයග්‍රහණය සඳහා ඉන්දියාව ලබාදුන් ලකුණු 152ක ඉලක්කය පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය විසින්ම සම්පුර්ණ කරගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවට එරෙහි පළමු ජයග්‍රහණයත් වාර්තා කර ගනිමින්. මෙහිදී නායකත්වයේ වගකීම කරට ගත් පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් පන්දු 52ක් තුළ ලකුණු 68ක් රැස්කර ගත්තා.

මේ තරගය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි බාබර් අසාම්ගේ පියා වන අසාම් සිද්ධික් සිය පුත්‍රයාගේ දක්ෂකම් දැක සංවේදී වන අවස්ථාවක් පිළිබඳ වීඩියෝ දර්ශන මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සසරණය වනවා.

පාකිස්ථාන ජයග්‍රහණයත් සිය පුත්‍රයාගේ දස්කමුත් එකවිට අගයමින් සතුටු කඳුළු සලන ඔහු අස්වැසීමට සහ ඒ සතුට ඔහුත් සමඟ බෙදාගන්නට තරගය නැරඹීමට පැමිණ සිටි පාක්ස්ථානු ක්‍රීඩා ලෝලීන් කටයුතු කරන අයුරු ද දක්නට ලැබුණා.

එම වීඩියෝව පහතින්... 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery