තම මිතුරා වෙනුවෙන් , පොලිසියට අල්ලස් දුන් මිතුරෙකුට සිදු වූ දේ - පොලීසිය නිවේදනයක් ..!

Sri Lanka Police Sri Lanka Bribery Commission Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 04, 2022 08:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් මිතුරාට සුළු වරදකට නඩු පවරන ලෙසට ඉල්ලමින්  පොලීසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබියදී ඔහුගේ මිතුරෙක් පැමිණ අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමු වී ඔහුට අල්ලස් මුදලක් ලෙස රුපියල් 50,000ක් ලබා දී සැකකරු සුළු වරදකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිට තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම දැනුවත් කර ඇති අතර, අදාල පුද්ගලයා රුපියල් 25,000ක අල්ලසක් පොලිසියට ලබා දීමට උත්සාහ කිරීමේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර, අල්ලස් ලබා දීමට උත්සහ කළ පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන්නෙක්. අල්ලස් ලබා දීමට උත්සහ කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery