විද්‍යාපීඨවලට ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

Report

විද්‍යාපීඨවලට ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම නිසා 2023/ 24 වසරවලදී උසස්පෙළ සමත් සිසුන් 8000කට පමණ ප්‍රමාණයකට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව ගුරු අධ්‍යාපන සේවා සංගමය සඳහන් කරයි.

එසේම එම සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික මිරිහාන පැවසුවේ විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් ද විද්‍යාපීඨයන් තෝරා ගැනීම නිසා එම දරුවන්ට බරපතළ අසාධාරණයක් වී ඇති බවයි.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළ විද්‍යපීඨ සිසුන්ට අදාළ විෂය නිර්දේශයන් සකස් කර නොමැති වීම නිසා මෙසේ ගැසට් කිරීමට ප්‍රමාද කිරීමට හේතු වී ඇති බවයි.

තවද විද්‍යාපීඨ සිසුන් වෙනුවෙන් වන විෂය නිර්දේශයන් සකස් කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන ආයතනය වන අතර මේ වන විට ඔවුන් විෂය නිර්දේශ සකස් කරනවා තියා ඒ සඳහා අදහසක්වත් ඔවුන් තුළ නැති බව ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට 70ක්ම නිර්මාණය කරනුයේ විද්‍යාපීඨයන් තුළින් බවත් මෙසේ බඳවා ගැනීම ප්‍රමාද කිරිම නිසා ඉදිරියේදී ගුරු හිඟයකට මුහණ දීමට සිදුවන බවත් ය.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දැනට විද්‍යාපීඨයන්වල පුහුණුව ලබන සිසුන්ගෙන් එක් කණ්ඩායමක් ඔක්තෝම්බර් 13 වෙනිදා පාසල්වලට අනුයුක්ත කරන අතර අනෙක් කණ්ඩායම එළඹෙන වසරේ (2026) ජූලි වන විට පාසල්වලට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

ඒ අනුව බඳවා ගැනීම් වහාම සිදු නොකළහොත් එළඹෙන වසරේ ජූලි වන විට එක කණ්ඩායමක්වත් විද්‍යාපීඨ තුළ නැති තත්තවයක් නිර්මාණය වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න