කෙසෙල් කැනක් නිසා පුද්ගලයෙක් මියයයි
අවිස්සාවේල්ලේ ආරාධනා කන්ද ප්‍රදේශයේදී කෙසෙල් කැනක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට මිය ගොස් ඇත.
ඒ අනුව සැප්තැම්බර් 17 වන දා සිදුවූ ආරවුලේදී පිහියකින් සහ යකඩ පොල්ලකින් පහර දී තුවාල කිරීමේ සිද්ධියකින් පසු, දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා ඊයේ (28) මියගොස් ඇත.
මෙහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන ආරාධනා කන්ද පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ මරණකරුගේ නිවස ආසන්නයේදී වන අතර පොලිස් වාර්තා අනුව කෙසෙල් කැනක් සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු, සැකකරුවන් විසින් මරණකරුට පිහියකින් ඇන සහ යකඩ පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදු කර ඇත.
මරණකරු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) රාත්‍රී 9 ට පමණ මියගොස් තිබේ.