නිවසක් කොල්ලකෑමට ආ සැකකරුවෙකුට ක්‍රිකට් පිත්තකින් මාරාන්තික ප්‍රහාරයක්

ajith rohana thief merder avariyawaththa kadawatha
By Sewvandhi Jul 10, 2021 02:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (09) සිදුකළ පහරදීමකදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ අයෙක්. කඩවත, වත්තල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අදාල පුද්ගලයාට ක්‍රිකට් පිත්තකින් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha