ප්‍රාථමික පාසලක අනතුරකින් විදෙස් රටක කුඩා ළමුන් 5ක් ජීවිතක්ෂයට - හද කම්පා කළ මෙම අනතුරේ නවතම ඡායාරූප (PHOTOS)
By Sithumi
ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික පාසලක සිදුවූ අනතුරකින් ළමුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 4 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වාතය පුරවන ලද ක්‍රීඩා උපකරණයක් bouncy castle ගුවනට විසිවී ඉන් ළමුන් බිම පතිත වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. එක්වරම ඇති වූ සුළං තත්වයක් හමුවේ අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය සහ තුවාල ලැබූ අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන ළමුන් අතර ගැහැණු දරුවන් ද වන බව සඳහන්. ඔවුන් මීටර් 10ක පමණ ඉහළ සිට බිමට පතිත වී තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද කණගාටුව පළකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |