රජයේ රස පරීක්ෂක ලොක්කියක් පඩිත් අරන් හොරෙන් රට පැනලා
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් නිවාඩු අනුමත කර නොගෙන එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට පශ්චාත් උපාධියක් හැදැරීමට යැයි කියමින් වසර කාලයක් වැටුප් සහිත නිවාඩු ලබාගන ඇතැයි රජයේ විගණන කාර්යාලයේ නවතම වාර්තාවක් කියයි.
ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරියක් වන මෙම නිලධාර්තිය එංගලන්තයේ ඕකෙන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක්හදෑරීමට, 2024 සැප්තැම්බර් 20 සිට 2035 සැප්තැම් 15 දක්වා කාලය තුළ ආයතන සංග්‍රහය හා චක්‍ර ලේඛ කඩකරමින් නිවාඩු ලබා ගෙන තිබූ බව එහි දැක්වෙයි.
ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛයට ප්‍රකාරව වැටුප් සහිත විදේශ නිවාඩු ලබා රටින් බැහැර වීමට අඩුම වශයෙන් දින දහයකට පෙර අයැදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු නමුත් මෙම නිලධානිය උපාධිය හැදැරූ කාලය තුළ නිවාඩු අනුමත කර ගෙන නැතැයි එම වාර්තාවේ සදහන් වෙයි.
මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 10 දෙනකු 2024 වසරේදී පශ්චාත් උපාධි හැදෑරීමට විදෙස් ගතව ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව එක්සත් රාජධානියට ගිල නිධාරීන් දෙදෙනකු සහ කොරියාවට නිලධාර්න් 08 දෙනකු ගොස් ඇතැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.