චීනයෙන් තවත් භයානක රෝගයක් - තවත් ‍‍රටවල් කිහිපයකින්ම මතු වෙලා.. (VIDEO)

By Gagana Dec 03, 2023 05:25 PM GMT
Report

පසුගිය දිනවල උතුරු දිග චීනයේ ළමයින් අතර සුදු පෙනහලු රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ ඇති අසාමාන්‍ය නිව්මෝනියාව නම් රෝගය වාර්තා වී තිබුණා.

මේ වන විට එම රෝගය අමෙරිකානු හා යුරෝපා කලාපවල වාර්තා වෙමින් පවතින අතර ඒ අනුව කැනඩාව ඉතාලිය සහ රුමේනියාවේ ද මෙම රෝගය වාර්තා වී ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ සිට චීන මගින් 30 දෙනෙකු නිව්මෝනියා ආසාදිතයින් බව හඳුනාගැනීමට හැකි විය.

මෙම හේතුවත් සමග පසුගියදා තායිවානය තීරණය කර තිබෙන්නේ චීනයේ සිට පැමිණෙන මගීන් ගුවන්තොටුපෙළේ දී දැඩි පරීක්ෂාවකට භාජනය කිරිමටයි.

වීඩියෝ දර්ශන - Moneycontrol YouTube Channel