ජනප්‍රිය පාසලක සාමාන්‍ය පෙළ සිසුවෙක් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම..

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna Jun 07, 2023 04:24 AM GMT
Aruna

Aruna

Report

මහනුවර - කටුගස්තොට ජනප්‍රිය පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට සිසුන් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ක්‍රිකට් පිතිවලින් මෙම සිසුවාට පහරදී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඊයේ (06) දිනයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට පෙනී සිටීමෙන් අනතුරුව විභාග ශාලාවෙන් පිටත රැඳී සිටින අවස්ථාවේ දී සිසුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ දුලාර දසුන් නැමති යටියාවල - කටුගස්තොට පදිංචි මෙම සිසුවාට පහර දී තිබෙන බවයි පැවසෙන්නේ.

ඉන් තුවාල ලැබූ සිසුවා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි 11 වන වාට්ටුවේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය 02 වැනිදා ද මෙවැනිම සිදුවීමක් පානදුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වුණා.

ඒ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් . පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක මෙම සිසුන් පිරිස ඉගෙනුම ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුව සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now