දෙපිරිසක් අතර ගැටුමක්..පුද්ගලයෙක් මිය යයි..
By Aruna
පයාගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසනවා .
පයාගල, මිල්ලගස් උඩුමුල්ල ප්‍රදේශයේ ඊයේ (08) ආරවුල සිදුව ඇති බවත්, රාත්‍රි 10.45 ට පමණ 1990 සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට තුවාලකරු රැගෙන ගොස් ඇති අතර , ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් කියා සිටියා.
මියගොස් ඇති පුද්ගලයා පයාගල, දංවත්ත අක්කරවත්ත, ප්‍රදේශයේ පදිංචි චන්න සපරමාදු නැමැති 48 හැවිරිදි අයකු බව පොලිසිය අවධාරණය කළා.
පයාගල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |