පක්ෂයෙන් නෙරපීමට ගිය රතන හිමියන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්.
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය තීරණය කළේ ය.
නමුත් එම තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේ ය.
ඒ අතුරලියේ රතන හිමියන් විසින් තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව ගොනුකළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් ය.
මෙම තීන්දුව ජනක් ද සිල්වා, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් ලබාදෙන ලදී.