ජනපති සමාවෙන් නිදහස වුණු අතුලට වෙනත් නඩුවකට සිර දඬුවම්

Report

ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වී මහත් ආන්දෝලනයකට මැදි වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට අනුරාධපුර මහාධිකරණය (ජූලි 24) බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 40ක දඩයක් නියම කරනු ලැබුවා.

තිලකරත්නට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් වෛද්‍ය එස්.ඩබ්ලිව්.ඒ. ගාමිණී විමලානන්ද මහතාගේ රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි.

ඒ සඳහා බැංකු ලේඛනයක් ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට වසර 5ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම විය.

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

මීට අමතරව,අධිකරණය නියෝග කරනු ලැබුවේ වෛද්‍ය විමලානන්දට රුපියල් ලක්ෂ 40ක වන්දියක් ගෙවන ලෙස මෙන්ම එය පැහැර හැරියහොත් තවත් මාස 10ක සිර දඬුවමක් නියම කරන බවයි.

අතුල තිලකරත්නට එරෙහිව මූල්‍ය වංචා සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ තවත් නඩු 6ක්ද, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු 22ක්ද පවතින බව හෙළි විය. මෙම සියලු නඩුවලින් ඔහු වංචා කර ඇති මුදල රුපියල් කෝටි 50 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම වංචාවලට ගොදුරු වූවන් අතර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, විශේෂඥ වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙති. මොහු වැඩි පොලී පොරොන්දු වී මෙම වංචා සිදු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

වැස්ස වැඩිවීමක් ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

වැස්ස වැඩිවීමක් ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති පොදු සමාව යටතේ පසුගිය වෙසක් පොහොය දින අතුල තිලකරත්න නිදහස් වූ බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ලෙස නිදහස ලැබුණි. කෙසේ වෙතත්, පසුව ඔහු රටින් පැන ගිය බවට තොරතුරු ලැබුණද, පසුව ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය. මෙම නීති විරෝධී නිදහසට අදාළ ලිපිය ඉදිරිපත් කළ එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්නද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.