අපි දෙන්නාට ප්‍රශ්න ඇති කරන්න හැදුවත් අපි ඒවා ගණන් ගන් නෑ.අතුල සහ සමිතා හදිසියේම වීඩියෝවකින් ඇවිත්, හැමෝටම හෙළි කරපු රහස් මෙන්න

samitha athula kavi
By Sewvandhi Oct 06, 2021 04:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන ගායන යුවළ නොදන්නා කෙනෙකු නොමැති තරම්... එදා ගායන ක්ෂෙත්‍රයේ කාගෙත් ආදරය දිනාගත්ත ගීත ගොන්නක් ගැයූ ඔවුන් දෙදෙනා ගැන, පසුකාලනීව සමාජයේ විවිධ කතාබහ ඇතිවුණා. කොහොම වුණත් පසුගිය දවසක සමිතා ඇගේ යූටියුබ් නාලිකාවෙන් අතුල සමඟ වීඩියෝවක් කර තිබුණා. ඒ වීඩියෝවේ ඔවුන් දෙදෙනා රසිකයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නෙ මෙහෙමයි..

සමිතා -

අපි අතර කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම තිබ්බ නම් මෙහෙම කතා කරන්නත් බෑ. සතුටින් ඉන්න පළවැනි කාරණේ ප්‍රශ්න ඔලුවට ගන්නෙ නැති එක. මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ ප්‍රශ්න නැති.. අපි දෙන්නා ප්‍රශ්න, ප්‍රශ්න කරගන් නෑ. අපි දෙන්නාට ප්‍රශ්න ඇති කරන්න හැදුවත් අපි ඒවා ගණන් ගන් නෑ. අපි අනිත් අයගේ දේවල් හොයන් නෑ.

අතුල -

කටකතාවක් ගියා අපි දෙන්නා වේදිකාවේ ගීත ගායනා කරන් නෑ කියලා. සිංදු කියන්න පුළුවන් වෙනකන් කියනවා. තවත් කතාවක් ගියා, මම විවිධ දේ පාවිච්චි කරනවා කියලා. මට දැන් පනස් හයක්.. වැරදි දෙයක් පාවිච්චි කළා නම් අද මට මෙහෙම ඉන්න බෑ. අපි හිතමු කුඩු කියලා. ඒවා පාවිච්චි කරපු කෙනෙක්ට මම දන්න තරමින් මෙච්චර කල් ඉන්න බෑ..

අතුල -

දරුවන්ගෙන් චෝදනා එල්ල වෙලා නෑ. මට තරහා යනවා දැකලා නෑ දුවවත්, දවසක් මම තරහින් බනින ජවනිකාවක් තිබුණා, දිවිතුරා ටෙලි නාට්‍යයේ.. ඒක දැකලා දුව කවීත් කතා කරලා කිව්වා, කවදාවත් මාව එහෙම දැකලා නෑ කියලා.

අතුල -

වැරදි කා අතිනුත් වෙනවා. වරදක් වෙලාත් නෑ. අපි කියන්නෙත් නෑ වරදක් වුණත්... අපි කවදාවත් රංඩු වෙලා නෑ. සැරෙන් කතා කරන්න ඇති. ඒත් රංඩු වෙලා නෑ. සද්දේ වැඩි වෙලා තියෙනවා ඇරෙන්න.. එහෙම නොවෙනවා නම් අපි මිනිස්සු නෙවෙයි.. අපිට ජනප්‍රිය වෙන්න උවමනාවක් නෑ. එහෙම උවමනාවක් තිබ්බා නම් අපි හැමදාම රංඩු වෙනවා. අපි මරාගත්තා නම් බ්‍රේකිං යන්නත් තිබ්බා..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha