නිරෝධායන වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුගතදාසේ මත්පැන් සාදයක

covid19 india quarantine athletes liquor party
By Sewvandhi Jul 05, 2021 12:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ පකියලා නුවර පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වී සිටින අතරතුර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මත්පැන් සාදයක් පවත්වා ඇති බව අද උදෑසන පුවත්පත් වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරිය විසින් ඊයේ (04දා) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂට පැමිණිලි කර ඇති බව සඳහන්.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් මත්පැන් සාදය පවත්වන විට ඔවුන් බාරව සිටි නිලධාරීන්ද ඊට කිසිදු විරෝධයක් නොදක්වා නිසොල්මනේ සිටි බවටද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වන බවයි වාර්තා වන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha