''මම අදත් ක්‍රීඩා කරන්නේ ඇය වෙනුවෙන්' - සොහොයුරියගේ වියෝව සහ සැත්කම් හතක් මැද පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම හඹා යන ක්‍රීඩිකාව

By Malith Madushan Jul 30, 2026 09:09 AM GMT
Report

එංගලන්තයේ ජූඩෝ ක්‍රීඩිකා කේටි-ජෙමීමා යීට්ස්-බ්‍රවුන්, සිය ක්‍රීඩා දිවියේ මුහුණ දුන් දැඩි අභියෝග රැසක් ජය ගනිමින් ග්ලාස්ගෝ 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තෙවැනි පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටී.

31 හැවිරිදි ඇය කාන්තා කිලෝග්‍රෑම් 70ට අඩු බර පන්තියේ තරගාවලිය සඳහා අගෝස්තු 1 වැනිදා ග්ලාස්ගෝහි SEC මධ්‍යස්ථානයේදී තරග වැදීමට නියමිතය.

2014 ග්ලාස්ගෝ සහ 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලවලදී ලෝකඩ පදක්කම් දිනාගත් යීට්ස්-බ්‍රවුන්, මෙවර සිය තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම දිනා ගැනීම සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂීම ජයග්‍රහණය වනු ඇතැයි විශ්වාස කරයි.

ග්ලාස්ගෝ 2026 අද තරග 5කදී පදක්කම් 27 කට සටනක් - අද විශේෂ අවස්ථා මෙන්න

ග්ලාස්ගෝ 2026 අද තරග 5කදී පදක්කම් 27 කට සටනක් - අද විශේෂ අවස්ථා මෙන්න

කෙසේ වෙතත්, එම සාර්ථකත්වය පිටුපස දැඩි කැපවීමක් සහ අසීරු අත්දැකීම් රැසක් තිබේ. ඇය ACL දණහිස් ප්‍රතිසංස්කරණ සැත්කම් තුනක් ඇතුළුව සැත්කම් හතකට මුහුණ දී ඇති අතර වැලමිටේ සැත්කමක්ද සිදුකර තිබේ.

එහෙත්, සිය සොහොයුරිය වන ජෙනී මොළයේ පිළිකාවක් හේතුවෙන් 2022 බර්මින්හැම් ක්‍රීඩා උළෙලෙන් සති කිහිපයකට පසු මිය යාම තම ජීවිතයේ දැඩිම වේදනාව වූ බව ඇය පවසයි.

“2014දී කවුරුන් හෝ මට අනාගතයේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල තුනකට සහභාගි වී ලෝක මට්ටමේ සාර්ථකත්වයන් ලබන බව කිව්වා නම් මම ඒ ගැන සතුටු වෙන්න තිබුණා.නමුත් ඒ සඳහා විඳින්න වෙන සියලුම තුවාල සහ පවුලේ අහිමිවීම් ගැන කලින් දැන සිටියා නම් එය කළ නොහැකි දෙයක් කියලා හිතන්න තිබුණා. ඒත් මම ඒ හැම දෙයක්ම ජයගෙන ඉදිරියට ආවා,” යැයි ඇය සඳහන් කළාය.

ජූඩෝ ක්‍රීඩාව තම ජීවිතයේ අසීරු අවස්ථාවන් ජය ගැනීමට ශක්තියක් වූ බවද ඇය කියා සිටී. සිය සොහොයුරිය පිළිබඳ සිහිපත් කරමින් යීට්ස්-බ්‍රවුන් පැවසුවේ,

“ඇය තමයි මගේ ලොකුම ආධාරකයා. මගේ සෑම තරගයක්ම ඇය නරඹනවා. මොළයේ පැය අටක සැත්කමකින් අවදි වූ දවසේත්, මගේ තරගය බලලා මට මුලින්ම කතා කළේ ඇයයි. අවසාන මොහොත දක්වාම ඇය මගේ ලොකුම ශක්තිය වුණා. මම අදත් ක්‍රීඩා කරන්නේ ඇය වෙනුවෙන්,” යනුවෙනි.

2014 ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ඇය එක්වූයේ අවසන් මොහොතේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙසයි. තරගයට දින දෙකක් පමණක් තිබියදී කැඳවීම ලැබූ ඇය, එහිදී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සිය ජාත්‍යන්තර ගමන සාර්ථක ලෙස ආරම්භ කළාය.

මේ අතර, ස්කොට්ලන්තයේ සාරා ඇඩ්ලින්ටන්ද මෙවර කිලෝග්‍රෑම් 78ට වැඩි බර පන්තියේ රන් පදක්කමක් දිනා ගනිමින් සිය තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩල ශූරතාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

2014 සහ 2022 තරගාවලිවල රන් පදක්කම් දිනාගත් ඇය, සිය දීර්ඝ ක්‍රීඩා දිවියට රන් පදක්කමකින් සමුදීමට බලාපොරොත්තු වන බව සඳහන් කළාය.  

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමෙන් ලංකාවේ සුපුන් සෝමතිලකට 4 වැනි ස්ථානය

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමෙන් ලංකාවේ සුපුන් සෝමතිලකට 4 වැනි ස්ථානය