වෙසක් මැද සුබ ආරංචියක් - හෙට සිට අස්වැසුම වැඩිහිටි දීමනා බැංකු ගිණුම් වෙත
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, 'අස්වැසුම' පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් සඳහා රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය මඟින් මෙසේ නිදහස් කර ඇත.
අදියර අනුව ප්‍රතිලාභ මුදල් වෙන් කර ඇති ආකාරය පහතින් දක්වා ඇත,
පළමු අදියර - වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක්.
දෙවන අදියර - වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක්.
එමෙන්ම මෙම සියලුම ප්‍රතිලාභීන්ට තමන්ට හිමි වැඩිහිටි දීමනාව හෙට සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.