පාසල් සිසුන්ට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන් වූ තිදරු පියා කොටු
අසභ්‍ය වීඩියෝ දර්ශන පාසල් සිසුන්ට අවස්ථා කිහිපයකදීම පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කළේ වයස අවුරුදු 11ත් 14ත් අතර පසුවන පාසල් සිසුන්ට සැකකරු විසින් මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුන් කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි .
මෙලෙස පැමිණිලි සිදුකළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු අද (21) නුවරඑළිය දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නානුඔය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එස්. සංජීවනී (2435) මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් නානුඔය ප්‍රදේශයේ ජනතාව, පාසල් ළමුන් සහ වතු කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ළමා අපචාර හා ලිංගික හිංසනයන් පිළිබඳ වැඩසටහනක් ද දියත් කර තිබුණි එම වැඩසටහන් අතරතුර පොලීසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.
ඒ අනුව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ නානුඔය පොලිස් ස්ථානයට පැමිණිලි කළ සිසුවියන් 06 දෙනෙකු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .