අදින් අවසන් වන අස්වැසුම..
Shehan Semasinghe
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
By krishani
අද (10) දිනයෙන් අස්වැසුම සුබසාධන වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අවසන් වේ.
එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්,අස්වැසුම සුබසාධන වැඩසටහනට පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා විරෝධතා පැවැත්විණ.
ඒ ඇතැම් පාර්ශවයන්ගේ නම් ඊට ඇතුළත් කර නොමැති බව පවසමින් ය.ඒ අනුව අද තෙක් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙනු ලැබීය.