ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයන්න තවත් පරීක්ෂණක්
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයා බැලීමට තවත් පරීක්ෂණ වටයක් නුදුරේදීම අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති පිරිසට දෙවෙනි මාත්‍රාව ලබා දීමෙන් පසු ප්‍රතිශක්තිය ගොඩනැංවෙන ආකාරය පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල ක්‍රියාත්මකවී ප්‍රතිශක්තිය ඇති කරන ප්‍රතිදේහ කාර්යක්ෂම ආකාරයට ගුණනය වන්නේදැයි මෙමඟින් තවදුරටත් සොයා බවද එම පරීක්ෂණයේ ප්‍රතිඵලද ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.
සාමාන්‍යයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන සති 8ත් 12ක් ත් අතර දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් එම එන්නතේ හිඟය නිසා අවාසනාවකට මෙරට ලක්ෂ පහකට වැඩි පිරිසකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව සති දහසයක් යනතුරුද ලබා ගැනීමට නොහැකි වූ බව ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවෙන් පුද්ගලයකුගේ ශරීර තුළ ගොඩනැගෙන කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ සති 16 ඉක්මවූ පසු සැලකිය යුතු ලෙස යුතු ලෙස අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් කළ අලුත්ම පරීක්ෂණයකදී හෙළි වී ඇත .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |