මහ මැතිවරණයට එන අපේක්ෂකයින්ගේ වත්කම් සහ බැරකම් ගැන මොකක් කරයි ද?. තීරණය මෙන්න..

Election Commission of Sri Lanka Election Latest Headlines General Election 2024 Sri Lanka General Election 2024
By krishani Oct 07, 2024 12:46 PM GMT
krishani

krishani

Report

එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතු වේ.

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..


2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80 (01) (ප), 82 (01) (ඊ), 82 (02), 89, 90 (04) වගන්ති අනුව ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත්කළ දිනයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

තවද, 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමගින් මැතිවරණ කොමිසමට භාරදිය යුතු වේ.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත්වීම දණ්ඩනයකට යටත්විය යුතු වරදක් බවයි.