අවුරුදු දෙකක දැරියකට අමානුෂිකව පහරදුන් මව-පියාට අත්වූ දඩුවම.

Police Sri Lanka Aluthgama assaults-a-girl
By Aruna Dec 23, 2021 05:11 AM GMT
Aruna

Aruna

Report

දොඩම්ගොඩ , පුහාබුගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති , තිස් හැවිරිදි හැවිරිදිඅඹුසැමි යුවළක ගෙ දැරියකට අමානුෂික අන්දමින් නිතර නිතර පහරදෙන බවට ලද තොරතුරක් මත එම අඹුසැමි යුවල අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය .

සැකකාර අඹුසැමි මෙම දැරියට පහර දෙමින් නිතර අඩදබර ඇතිකර ගැනීම පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරියට ලද තොරතුරක් මත මෙම සැකකාර යුවළ දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි .

පහරදීම් වලින් තුවාල ලැබූ එම දැරිය ඥාති පාර්ශවයක භාරකාරත්වය යටතේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ .

ළමා හා කාන්තා කාර්යාංශයේ කාර්යංශයේ නිලධාරිනිය ඇතුළු පොලිස්නිලධාරීන් කණ්ඩායමක් සැකකාර යුවල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now