මේ වේදනානාශක පෙත්ත බිව්වොත් දරුණු ලෙඩක් පැතිරීම වළක්වයි
By Mithu
වේදනා නාශකයක් ලෙස ප්‍රකට ඇස්ප්‍රින් (Aspirin) ඖෂධය මගින් පිළිකා සෑදීම සහ ඒවා ශරීරය පුරා පැතිරීම වැළැක්විය හැකි බව නවතම පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.
පිළිකා වැළඳීමේ ඉහළ ජානමය අවදානමක් (10% - 80%) සහිත බ්‍රිතාන්‍ය ජාතික නික් ජේම්ස් නමැති පුද්ගලයා වසර 10ක් පුරා දිනපතා ඇස්ප්‍රින් මාත්‍රාවක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම සොයාගැනීම් මත පදනම්ව ඇතැම් රටවල් සිය සෞඛ්‍ය ප්‍රතිපත්ති සංශෝධනය කරමින් පිළිකා අවදානම සහිත පුද්ගලයන්ට ඇස්ප්‍රින් නිර්දේශ කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, ඇස්ප්‍රින් භාවිතයට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එහි අතුරු ආබාධ පවතින බැවිනි.