ලොරි රථයක් පාපැදියක ගැටී අවාසනාවන්ත ලෙස පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ පාපැදිය ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කල්මුණේ සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ආරියම්පති ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි පාපැදියක ගැටී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ