බ්‍රිතාන්‍ය ජාතිකයින් මිලියන භාගයකගේ වෛද්‍ය දත්ත චීන වෙබ් අඩවියක විකුණයි
By Mithu
එක්සත් රාජධානියේ සෞඛ්‍ය තොරතුරු ගබඩාව වන 'බයෝබෑන්ක්' (Biobank) වෙත ස්වේච්ඡාවෙන් ලබා දී තිබූ පුද්ගලයින් මිලියන භාගයකගේ වෛද්‍ය දත්ත, චීනයේ අලිබබා (Alibaba) වැනි විද්‍යුත් වාණිජ වේදිකාවල විකිණීමට තබා ඇති බව බ්‍රිතාන්‍ය රජය අනාවරණ කරයි.
බ්‍රිතාන්‍ය තාක්ෂණ අමාත්‍ය ඉයන් මරේ මහතා පෙන්වා දෙන්නේ මෙම දත්ත අතර නම් හෝ ලිපින අඩංගු නොවුණද, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ජීවන රටාව සහ ජෛව සාම්පල දත්ත ඇතුළත් වන බවයි.
චීන පර්යේෂණ ආයතන තුනක් විසින් නීත්‍යානුකූලව ලබාගත් මෙම දත්ත මෙලෙස අලෙවි කිරීම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් වන අතර, අදාළ ආයතනවල දත්ත ප්‍රවේශය මේ වන විට අත්හිටුවා විමර්ශන ආරම්භ කර තිබේ.
පිළිකා සහ ඩිමෙන්ශියාව වැනි රෝග පිළිබඳ පර්යේෂණ සඳහා යොදාගන්නා ලොව ප්‍රමුඛතම දත්ත පද්ධතියක් මෙලෙස අවභාවිත වීම දැඩි කතාබහට ලක්ව ඇත.