ලංකාවේ ධීවර කටයුතුවලට නෝර්වේ රජයේ අවධානය - නොමිලේ ලැබෙන්න යන දේ

Report

ලංකාව තුළ ධීවර යාත්‍රා නිරීක්ෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු මර්දනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහය ලබාදීමට නෝර්වේ රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති මෙරටට ලබාදීම සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ නෝර්වේ නිල සංචාරයක නිරත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමඟ නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදීයි.

මරදානෙට යන අයට සුබ ආරංචියක් - රු. මිලියන 35ක් වියදම් කරඖ පළමු අදියරේ වැඩ අවසන්

මරදානෙට යන අයට සුබ ආරංචියක් - රු. මිලියන 35ක් වියදම් කරඖ පළමු අදියරේ වැඩ අවසන්

එමෙන්ම උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති තාක්ෂණය නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇති බව පවසයි.

ඒ අනුව මෙම තාක්ෂණය වඩාත් ඵලදායී ආකාරයට භාවිත කිරීම වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමට ද නෝර්වේ පාර්ශවය එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්

මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු

මගීන්ගෙන් වැඩිපුර මුදල් ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු