හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත්ගෙන් හර්බජාන් සිංට සමාව

Report

ඉන්දීය හිටපු ක්‍රීඩක හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දුන්නද, එය කිසිදා අමතක නොකරන බව හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.

2008 වසරේ IPL තරගාවලියකදී හර්බජාන් සිං විසින් ශ්‍රීසාන්ත්ගේ කම්මුලට පහරදීමේ සිද්ධියෙන් වසර 18කට පසු ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මලයාලම් පුවත් සේවයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි

මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි

අදාළ පහරදීමේ සිද්ධිය තේමා කරගනිමින් නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමක් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර පැවති මිතුදම යළිත් බිඳී ගොස් ඇති අතර, එම දැන්වීම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන ලෙස හර්බජාන් කළ ඉල්ලීම ශ්‍රීසාන්ත් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

"වැරැද්දකට සමාව දුන්නත් එය අමතක නොකළ යුතු බවත්, අමතක කළහොත් ඔවුන් නැවතත් එම වරදම කරන බවට" ශ්‍රීසාන්ත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

රනිල්ගේ ලන්ඩන් සංචාරයේ රහස හෙළිවන ලියවිල්ල එළියට

රනිල්ගේ ලන්ඩන් සංචාරයේ රහස හෙළිවන ලියවිල්ල එළියට