මෙම තනතුරට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Report

ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරි (නීති නිලධාරි) තනතුර සඳහා නීතිඥවරුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන අප්‍රේල් මස 20 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මෙම කාලය දීර්ඝ කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මාර්තු 27 වෙනිදා නිකුත් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පසුගිය පෙබරවාරි 20 වන දින නිකුත් කළ මුල් ගැසට් පත්‍රයට අනුව, මෙම තනතුර සඳහා නීතිඥවරුන් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිතය.

පුළුවන්නම් මගේ දුවට පඩිපෙළ උඩ තියලා කෙළවලා පෙන්නපන් - දිල්කට කැත කතාවක් කියපු සුදාට දිල්කගේ තාත්තගෙන් නඩු

පුළුවන්නම් මගේ දුවට පඩිපෙළ උඩ තියලා කෙළවලා පෙන්නපන් - දිල්කට කැත කතාවක් කියපු සුදාට දිල්කගේ තාත්තගෙන් නඩු

සුදුසුකම් ලත් අයදුම්කරුවන් සිය අයදුම්පත් "අධ්‍යක්ෂ, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය, අංක 375, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 06" යන ලිපිනය වෙත යොමු කළ යුතුය.

අයදුම්පත් යොමු කිරීමේදී හෝ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ 071 859 19 25, 011 250 52 02 හෝ 011 255 29 53 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු විමසිය හැකිය.

සුළු මොහොතකට පෙර කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර මාලාවක්

සුළු මොහොතකට පෙර කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර මාලාවක්