තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට හිමිවෙයි..!

By Sewvandhi Apr 30, 2023 12:55 PM GMT
Report

අද (30) උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත්තා.

අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින්, අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එම ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය.ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

එමෙන්ම ඊයේ පැවති මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.

ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි. බාලක උස පැනීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය. ඒ මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමිනි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now