ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට

By Sewvandhi Sep 11, 2022 09:41 AM GMT
Report

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.

සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW