සූරේෂ් සලේගේ සෞඛ්‍ය නරක අතට - ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් - සලේගේ බිරිඳ හෙළිකරයි

Report

අද (12) පෙරවරුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බව ඔවුන් පවසන අතර ඔහුගේ බිරිද අස්ගිරි විහාරයට පැමිණ ඔහු වෙනුවෙන් ආයාචනයක් සිදුකළ බව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි පවසයි.

සුරේෂ් සලේව දිනපතා බලන දෙන්න - සලේගේ බිරිඳගෙන් CIDයට ලියුම් දෙකක් යයි - මෙන්න අද විස්තරේ

සුරේෂ් සලේව දිනපතා බලන දෙන්න - සලේගේ බිරිඳගෙන් CIDයට ලියුම් දෙකක් යයි - මෙන්න අද විස්තරේ

පසුව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිද ජනාධිපතිවරයා වෙත සුරේෂ් සලේ මහතා සම්බන්ධ ලිපියක් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි වැඩිදුරටත් පවසන්නේ තම ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කළ බවත් එම ආයාචනය ජනපතිවරයා වෙත යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසත් සලේ මහතාගේ බිරිඳ ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා වෙත දැන්වූ බවයි.