හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට..

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට අද(21 ) පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

අසංක අබේගුණසේකර මහතා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අතර හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකුද වේ .

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩු කටයුත්තට අදාළව මෙම ගුවන් ගමන් තහනම පනවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පවසන ලදි .

ඊශ්‍රායලය යේමන් ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුවම ප්‍රතිචාර දක්වයි..(VIDEO )

ඊශ්‍රායලය යේමන් ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුවම ප්‍රතිචාර දක්වයි..(VIDEO )

අද අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මුළින්ම අත් අඩංගුවට ගෙන තිබේ .