එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු

Sri Lanka Super Singer Artist
By Gagana News Mar 07, 2025 11:17 AM GMT
Gagana News

Gagana News

Report

කේ. සුජීවා කියන්නේ මීට මාස ගණනකට පෙර ලංකාවේ කතාබහට ලක්වූ මාතෘකාවක්... ගායිකාවක් ලෙස දැන හැඳිනගෙන උන් සුජීවා අතිශයින්ම කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වන්නේ ක්ලබ් වසන්තගේ සිදුවීමත් සමග.

අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත ඉරණමකට මුහුණ දෙන සුජීවා ගැන කිසිම තොරතුරක් මාධ්‍යයට වාර්තා වුණේ නැහැ.

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

නමුත් අද සුජීවා සෑහෙන කලකට පසු පුවත්පතක් සමග එකතු වෙනවා.

සුජීවා මීට සත්මසකට පෙර ඔබ මුහුණදුන් ඒ අඳුරු සිදුවීම දිහා ඔබට හැරී බලන්න පුළුවන්ද? අපි ජීවිතයේදි සිහින දකිනවා.

හැබැයි අපි කතාකරන්න කැමති යළි සිහිපත් කරන්න කැමති අපි දැක්ක ලස්සන හීන විතරයි.

නපුරු හීන ගැන මතක් කරන්න කවුරුත් කැමති නැහැ. මට ඒ සිදුවීම ඒක නපුරු හීනයක්. ඒ ගැන ආයෙත් කතා නොකර ඉන්න මම කැමතියි.

හිත රිදවන දෙයක් ආයෙ ආයෙත් මතක් කර කර ඒ ගැන කතා කර කර හිත රිදවා ගන්න පුරුද්දක් මට නෑ. දෙයක් වුණාම හඬා වැටෙනවා තැවෙනවා දැවෙනවා තමයි.

පස්සෙ ඒ සිදුවීමෙන් ඉවත් වෙනවා. මොකද එවැනි දේවල් එක්ක පැටලි පැටලි ඉන්න මට බැහැ. ගැහැනු දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් විදිහට මට ඒ දරුවන්ගෙ වගකීම තියෙනවා. මම පොඩ්ඩක් හරි පස්සට ගියොත් ඒක මගේ දරුවන්ට බලපානව.

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු | Artist K Sujeewa Come Back Soon

මේ සිදුවීමත් එවැනි අවස්ථාවක්. මම මගේ දරුවන්ගෙ ශක්තිය දැක්කා. මම වැටෙත්දි දරුවො දෙන්නා මාත් එකක් වැටුණෙ නැහැ. මාවත් අල්ලගෙන ඒ දෙන්නා මම නොහිතපු තරම් ශක්තියකින් නැගී සිටියා.

දැන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? ගිය මාසෙ 29 වෙනිදා මේ සිදුවීමෙන් පසු මගේ කකුලට කරපු පස්වෙනි සැත්කමත් සිදුකරනු ලැබුවා.

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු | Artist K Sujeewa Come Back Soon

මේ වෙත්දි මගේ තුවාල සුවයි. සෑම තත්ත්වයක්ම හොඳ අතට හැරිලා. නමුත් මෙම අනතුරෙන් බලවත් ලෙස හානිවුණේ මගේ කලව ප්‍රදේශයේ අස්ථියට.

කෑලි විසිගාණකට විතර ඒ අස්ථිය කැඩිලා බිඳිලා තිබුණා. අවසන් ශල්‍ය කර්මය කළේ එම අස්ථියට. කකුලට ප්ලේට් එකක් දැමීම. මේ ශල්‍ය කර්මයෙන් සති හතරකට පසු ක්‍රමක්‍රමයෙන් මාව ඇවිද්දවන්න මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු බලාපොරොත්තු වෙනව.

කේ. සුජීවා නැවතත් ප්‍රසංග වේදිකාවක දකින්නට තවත් බොහෝ කල් යාවිද? යළිත් මාව පෙර සිටි තත්ත්වයට ගේන්න මගේ වෛද්‍යවරු දැඩිලෙස වෙහෙසෙනවා. මම හිතනව මේ අප්‍රි​ෙයල් මාසය වෙද්දි මට මගේ රසිකයන් අතරට යන්න ලැබෙයි.

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු | Artist K Sujeewa Come Back Soon

මිනිස්සු මට ආදරය කළේ මිනිස්සු මා ගැන හෙව්වෙ මට බැන්නෙ මට ඉක්මන් සුව පැතුවෙ ඒ හැම දෙයක්ම වුණේ මගේ ගායනය නිසානෙ. ඉතින් කේ. සුජීවා කියන ගායිකාව නැවත රසිකයන් අතරට එනව.  

ReeCha