හූනා කියන සාස්තරේ හරිද..? වැරදිද..? සාස්තර මෙන්න..
health
art
gecko
By Sewvandhi
හූනා කියන්නේ ලංකාවේ වගේම ඉන්දියාවේත් මිත්‍යා සමඟ බැඳී සත්වයෙක්. හූනෙක් චික් චික් ගෑවොත් ටිකක් වෙලා ඉඳලා තමයි සමහරු එළියට බහින්නේ. ගොඩක් අය ඇදහිලි ,විශ්වාස ඔලුව උඩ තියාගෙනනේ ඉන්නේ. හූනෙක් ඇඟට වැටුණොත් අනාගත පලාපල කියැවෙනවා. හින්දු සංස්කෘතියට අනුව නම් හූනා කියන්නේ ලක්ෂ්මි දේවතාවියගේ අවතාරයක් බව සැලකෙනවා.
පිරිමි පුද්ගලයන්ගේ ශරීර කොටස් මතට හූනෙක් වැටුණොත්,
- හිස – ආරවුල් / ගැටුම් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.
- හිස මුදුන – මරණ බිය ඇති වීම
- මුහුණ – මූල්‍යමය වාසි.
- වම් ඇස – සුබ ආරංචියක්.
- දකුණු ඇස – අසාර්ථක වීම් සහ පාඩු ගෙන දෙයි.
- නළල – ආදරණීයන්ගෙන් වෙන්වීමට සිදුවෙයි.
- දකුණු කම්මුල – ශෝකයක් ඇතිවීම, නරක ආරංචියක් ලැබීම.
- වම් කණ – වාසිදායක තත්වයන් / ඉහල ආදායම්.
- උඩු තොල – ඉදිරියේදී ඇතිවෙන ආරවුල් පෙන්නුම් කරනවා.
- යටි තොල් – ළඟදීම මූල්‍යමය ලාභයක්.
- දෙතොල මත – යමෙකුගේ මරණයක් ගැන ආරංචි වීම, ශෝකජනක පණිවිඩයක් ලැබීම
- මුඛය – සෞඛ්‍ය පිරිහීමට පත්වෙයි.
- පිටුපස වම් පැත්ත – සාර්ථකත්වය , ලාභය , ජයග්‍රහණ හිමි වනු ඇති.
- මැණික් කටුව – නිවාස වෙනස් කිරීමක් හෝ අලංකාර කිරීම.
- වම් අත – මූල්‍ය අලාභ, අසමත් වීම ඇති වීම.
- දකුණු – අත කරදර සහ සංකීර්ණතාවයන්ට ඔබට මුහුණ දීමට සිදුවීම.
- කලවා – ඇඳුම් අහිමි වීමට ඉඩ තිබෙනවා.
- උඩු රැවුල – ඉදිරියේදී බාධක බලාපොරොත්තුවෙන් සිටින්න.
- ඇඟිලි – අමුත්තන් සහ පැරණි මිතුරන් බලාපොරොත්තු විය හැකියි.
- විලුඹ – ගමනක් යාම සඳහා සූදානම් වෙන්න.
- පා ඇඟිලි – ශාරීරික රෝගයක් ඇතිවිය හැකියි.
කාන්තාවන්ගේ ශරීර කොටස් මතට හූනෙක් වැටුණොත්,
- හිස – මරණ බිය.
- හිසකෙස් ගැටය – කිසියම් රෝගයක් ගැන ව්‍යාකූලතා සිදුවෙනවා.
- කකුලේ බත්කෙන්ඩ – අමුත්තන් බලාපොරොත්තු වන්න.
- වම් ඇස – ස්වාමියාගෙන් වැඩි ආදරයක් ලැබෙනවා.
- දකුණු ඇස – මානසික ආතතියකට මුහුණ දෙයි.
- දකුණු කම්මුල – පිරිමි දරුවෙකුගේ උපත පිළිබඳ කියැවෙනවා.
- පපුව – යහපතක්.
- ඉහළ දකුණු කණ – මුල්‍ය ලාභ.
- උඩු තොල – යම් ආරවුලකට මුහුණ දීමට සිදුවෙයි.
- යටි තොල් – අලුත් දේවල් හිමි වෙයි.
- දෙතොල මත – යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වෙයි.
- පිටුපස – මරණයක් ගැන පණිවිඩයක්.
- පියයුරු – අවාසනාව.
- නියපොතු – ගැටුම්,
- ආරවුල් ඇතිවීම.
- අත් – මුල්‍ය ලාභ
- වම් අත – යම් ආකාරයක මානසික ආතතියක්.
- දෑතේ ඇඟිලි – නව අභරණ ලැබෙයි.
- දකුණු අත – ආදරණීය සිදුවීම්
- උරහිස් – විසිතුරු භාණ්ඩ ලැබෙයි.
- කලවා – ඔබට ආදර හැඟීමක් ඇතිවිය හැකියි.
- දණහිස් – ආදරය, සෙනෙහස ලැබෙනවා.
- වළලුකර – යම් කරදරයක් හෝ සංකීර්ණතාවයක් ඇති විය හැකියි.
- දකුණු කකුල – පරාජයන්ට හෝ අසාර්ථකත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි.
- පා ඇඟිලි – ඔබ පිරිමි දරුවකුගේ මවක් වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
