මෙරටට පැමිණීමට බලා සිටින ගුවන් මගීන්ට දැනුම්දීමක්
india
travel restriction
air passenger
civil aviation authority
By Sewvandhi
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වනදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා.
කෙසේ නමුත් ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයන්ට පැමිණීමට අවසර ලබාදී නැහැ.
පැමිණෙන දිනට, දින 14ක කාලයක් තුළ ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා එම තහනම දිගටම පවතින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම එක ගුවන් ගමනක් සඳහා උපරිම මගීන් 75 ක් නොඉක්මවන ලෙස සීමාවක්ද පනවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
