අත්අඩංගුවට ගත් රංගේ බණ්ඩාරගේ පුතාට මොකද වුණේ?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.
අද (29) රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.
එහිදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේ ය.
එමෙන්ම, නඩුව යලි ලබන වසරේ මාර්තු 25 වන දා කැඳවීමට නියමිත ය.
අද අලුයම යශෝධ රංගේ බණ්ඩාර පැද වූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තිබෙනවා.
ඒ කරුවලගස්වැව හතේ කණුව - මීඔය ආසන්නයේ දී ය.
කෙසේ වෙතත්, එම අනතුරෙන් තුවාල ලැබු ත්‍රිවිල් රථයේ රියැදුරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කෙරිණ.