රැකියාවක් හොය හොය ද ඔයත් හිටියේ?. එහෙනම් මේ වගේ දේවල් ගැනත් පරිස්සමෙන්..

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැකියාවක් හොය හොය ද ඔයත් හිටියේ?. එහෙනම් මේ වගේ දේවල් ගැනත් පරිස්සමෙන්.. | Arrested Two Person At Boralla

ඒ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරිම හේතුවෙන් ය.

මොවුන් විසින් බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක් විසින් කැනඩාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන තිබෙනවා.

එලෙස පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කර තිබෙනවා.

පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න..

පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න..


එහිදී අනාවරණය වී ඇත්තේ එම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් බවයි.

ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.